Wednesday, May 15, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය සුසිල් ගැන පොහොට්ටුවත් තීරණයක් ගන්න සැරසෙයි 




හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. 

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇති බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් කළ විමසීකමදී කියා සිටියේ. 

සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට හේතුවූ කරුණු පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස කරුණු දැක්වුවා. 

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනුවර ඊයේ පැවැති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අදහස් පළ කළේ මෙලෙසයි.