Thursday, May 16, 2024

General line - 0115112241

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන JVPයට ගැටළුවක්   




ත්‍රීකුණාමලය තෙල් ටැංකි අයි ඕ සී සමාගම වෙත පැවරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් තැබීම ගැටළුකාරී බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මෙම අදහස් පළ කළා. 

ආණ්ඩුවට එරෙහි සියලු කණ්ඩායම් ජාතික ජනබලවේගයට එක්කර ගැනීමේ සූදානමක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශව එක්වුවහොත් ආණ්ඩුව පෙරළා දැමිය හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී කියා සිටියා.