Wednesday, May 15, 2024

General line - 0115112241

රූපවාහිනි සභාපති ඉල්ලා අස්වෙයි




ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද දහවල් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ සිය කාර්යාලයට පැමිණ සේවකයන් අමතා කෙටි අදහස් දැක්වීමක් කිරීමෙන් පසු ඔහු සිය නිල රථයද භාරදී එම පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.