Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු ඇමති සුසිල්ගෙන් තවත් ප්‍රකාශයක් 




බුද්ධි අංශ රජයට වාර්තා කළ යුත්තේ තමන් වැනි පුද්ගලයන් පිළිබද තොරතුරු නොව ජනතාව මුහුණපා ඇති සැබෑ ගැටළු බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ වාර්තා මත සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද පළ කළේ මෙවන් අදහසක්.