Sunday, May 19, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීමක්




කොළඹ නගරයේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලි පාරිභෝගිකයින් සඳහන් කර සිටිනවා. 

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බවයි.

විදුලි බිඳ වැටීම රාත්‍රී 9.00 වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවෙනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.