Sunday, May 19, 2024

General line - 0115112241

මිල වෙනස් කළ නුවරඑළියේ චොකලට් අල්ලයි  (PHOTOS)




නුවරඑලිය නගරයේ වෙලදසැලක චොකලට් වල සදහන් මිල වෙනස් කර අලෙවි කළ වෙලෙන්දෙකුට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට (06) දින කටයුතු කළ බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළා. 

එම වෙලදසැලේ තිබු චොකලට්වල මිල මකා දමා එම වෙලෙන්දා විසින් චොකලට්වල වර්තමාන වෙලදපොලේ පවතින මිල පෑනකින් සදහන් කර අලෙවි කරන බවට නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානාධිපති රංග කරුණාරත්නට ලද පැමිණිල්ලක් මත මිල වෙනස් කරන ලද චොකලට් උපාය දුතයෙකු යොදාගනිමින් මිල දි ගෙන සැකකාර වෙලෙන්දා සහ චොකලට් තොගය තමන් භාරයට ගත් බවයි නුවරඑලිය දිස්ත්‍රික්ක ජෙෂ්ඨ විමර්ෂණ නිලධාරි රංග කරුණාරත්න කියා සිටියේ.

සැකකරුට මේ මස (13) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් ලබාදෙමින් සැකකරු බැදුම්කරයක් මත මුදා හැරි බව රංග කරුණාරත්න ප්‍රකාශ කළා.