Sunday, May 19, 2024

General line - 0115112241

ජනවාරි මැද සිට රටේ ඉන්ධන හිඟවීමේ අවදානමක්




ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා 8 කදී දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැති බවයි.

මිල අධික ලෙස ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම දැනට ලෝකයේ බොහෝ රටවල් සිදුකරමින් ඇතත් ඉන්ධන මිල වැඩි කිරීමෙන් මෙරට තුළ ඉන්ධන භාවිතය අඩු කිරීමට නොහැකි බව ඔප්පු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

මසකට ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350 කට අධිකයි. 

නෙත් නිවුස් කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ඉන්ධන ආනයනයට ණයවර ලිපි විවෘත කර ගැනීමේදී පවා ගැටළු මතුව ඇති බවයි.