Sunday, May 19, 2024

General line - 0115112241

එන්නත්කරණය වැනි කටයුතුවලදී පුද්ගලයින් ආත්මාර්ථකාමී වීමෙන් සමස්ත රටම අනතුරේ




එන්නත්කරණය වැනි කටයුතුවලදී පුද්ගලයින් ආත්මාර්ථකාමී වීමෙන් සමස්ත රටම අනතුරේ හෙළිය හැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය පැවසුවා. 

ඔහු කියාසිටියේ එක් පුද්ගලයෙකුගේ එක් ආත්මාර්ථකාමී ක්‍රියාවකින් තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

තමාගේ කටයුතු පමණක් නොව සමාජයේ මෙන්ම විශ්වයේ පැවැත්ම වෙනුවෙන් ද ඕනෑම පුද්ගලයෙකුට කළහැකි දේ ඕනෑ තරම් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කළේ.