Sunday, May 19, 2024

General line - 0115112241

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාහැරීමට අවශ්‍ය ඩොලර් අද දෙයි 




කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාළුම් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව මගින් අද දිනයේ ලබාදෙනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් සිය අමාත්‍යාංශය මගින් මහ බැංකුව වෙත භාරදී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

සහල්, සීනි, පරිප්පු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් ගෙවාගත නොහැකිව දැනට කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවන් පැවසුවා. 

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට සිදුකරන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බලපෑම් එල්ලවී ඇති බවයි නෙත් නිවුස් දිගින් දිගටම පෙන්වා දුන්නේ. කිරිපිටි ඒ අතරින් ප්‍රධානයි. ගෑස් ආනයනයටද ඩොලර් හිඟයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.