Sunday, May 19, 2024

General line - 0115112241

චීන පොහොර නැවට ශ්‍රී ලංකාව අද ඩොලර් ගෙවයි




ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දශම 9ක මුදලක් මහජන බැංකුව විසින් අද දිනයේ ගෙවනු ඇති බව වාර්තා වනවා. 

ඒ, කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට සිදුවීමත් සමගයි. ආන්දෝලනයට තුඩු දුන් පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර ඉකුත්දා එකඟතාවයකට පැමිණියා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගලගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ අධිකරණයේදී එකඟ වූ පරිදි අදාළ මුදල් ගෙවීම් සිදුකරන බවයි.

කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත්දා මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළේ සමථ කොන්දේසිවලට අනුවයි. එහිදී ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 6යි දශම 7ක මුදලක් ගෙවීමට එකඟ වුණා. 

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වූ කරුණු අතරට අයත්. ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වුණා.