Friday, September 20, 2024

General line - 0115112241

විජය නන්දසිරි ඉපයූ ධනය ගැන අසල්වැසියෙක්ගෙන් හෙළිදරව්වක්



අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා උපයාගත් ධනය දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ ඊයේ (11) දිනයේදී දැක ගත හැකිවූ බව ඔහුගේ අසල්වැසියෙක් වන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පවසනවා.

nethgossip.lk වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඔහු වෙනුවෙන් පැමිණ හැඬු සහ සිප වැළඳගත් ජනතාවගෙන් විජය උපයාගත් ධනය තේරුම් ගත හැකිවූ බවයි.

විජය උපයාගත් ඒ ධනය දෙවැනි වූයේ ඔහුගේම නම ඇති විජය කුමාරතුංගට පමණක් බවයි ශ්‍රියන්ත මෙන්ඩිස් සඳහන් කළේ.

ඔහුගේ හඬ සහ රුව දැන් අප අතර නැතත් ඔහු තබා ගිය මනුස්සකම අසල්වැසියෙකු ලෙස ඔහුව සිහිගන්වනු ඇති බව ශ්‍රියන්තගේ අදහස වුණා.