Monday, May 20, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ කිහිපයකට හදිසියේ විදුලිය බිද වැටෙයි




අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හදිසියේ විදුලිය බිඳ වැටුණා. විදුලිය බිඳ වැටීම පැයකට ආසන්න කාලයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. නුගේගොඩ, අකුරැස්ස, මොරටුව සහ පානදුර එලෙස විදුලිය බිඳවැටුණු ප්‍රදේශ කිහිපයක්. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කැළණිතිස්ස බලාගාරය ආසන්නයේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි බිඳවැටීමක් ඊට හේතුව බවයි. මේ හේතුවෙන් පද්ධතියට මෙගාවොට් 160 ක විදුලි ධාරිතාවක් අහිමිවී ගොස් තිබෙනවා.

මෙලෙස අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටුණේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබියදීවීම විශේෂත්වයක්.