Friday, May 3, 2024

General line - 0115112241

අබුඩාබි අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් (VIDEO)




ඉරානයෙන් ආධාර ලබන යේමනයේ හවුති කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් අබුඩාබි අගනුවර පිහිටි මුසාෆා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන බවුසර් තුනකට හානි සිදුවීමෙන් ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි. 

මෙම ප්‍රහාරයෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක ද ගිනි ගැනීමක් හටහගෙන ඇති බව සඳහන්.