Friday, May 3, 2024

General line - 0115112241

විදුලි බිඳ වැටීමෙන් ලංවීම පාඩුව තවත් ඉහළට




පවතින විදුලි බිඳවැටීම් හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා. එම සංගමයේ සංස්කාරක නන්දන උදය කුමාර පැවසුවේ විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 05 ක්ව පැවති බවයි. එහෙත් පවතින විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව තවත් රුපියල් බිලියන 03 කින් පමණ ඉහළ යනු ඇති බවයි ගාල්ලේ පැවත‘ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ඊට වගකිව යුතු බවයි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුවේ සභාපති මාලක වික්‍රමසිංහ කියා සිටියේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද තීරණය කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින්. 

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි බල අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන මෙටි්‍රක් ටොන් 3,000ක් ලබා දීම හේතුවෙන් හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි විදුලි බල අමාත්‍යවරයා ඊයේ කියා සිටියේ. කෙසේවෙතත් ලබන 22වනදා දක්වා ඉන්ධන ලබා ගැනීමට අද පැවැත්වෙන සාකච්ඡාවේදී බලශක්ති අමාත්‍යවරයාගෙන් යළි ඉල්ලීක් සිදුකරන බවයි විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ වැඩිදුරටත් පැවසුවේ.