Friday, May 3, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ බස් ගාස්තු ප්‍රකාශයට




මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේ පමණක් රුපියල් ලක්ෂ 28ක ආදායමක් ලැබුණු බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි පවසනවා. එම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කෙරුණේ ඉකුත් 15 වනදායි. මිනිත්තු 25 ක කාලයකදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ හැකි වනවා.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ කොළඹ මහනුවර සහ කොළඹ  කුරුණෑගල බස් සේවා එලෙස ආරම්භ කරන බවයි. ඒ අනුව කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390 ක් සහ කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500 ක් වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.