Friday, May 3, 2024

General line - 0115112241

"මාස්ටර් සර්" ​දිවි සැරියට සමුදෙයි




මේ, ප්‍රවීණ ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ මහත්මියගේ හඬ යුග ගණනාවක් මෙරට රසික සිත් සැනසූ ඒ හඬ අද සදහටම නිහඬ වී ගියා. ඒ, 71 වන විය පසුකරමින් සිටියදී නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි හෘද්‍යාබාධයකින් ජීවිත ගමනට සමුදීමත් සමගයි. 

1950 වසරේ මාර්තු මස 30 වනදා උපත ලද නීලා වික්‍රමසිංහ මහත්මිය මෙරට ගීත ක්‍ෂේත්‍රයට දායාද කර ඇති ගීත සංඛ්‍යාව අතිමහත්. මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා, බෝධියේ විහාරයේ, චාමර සැලුනා වේ, දරුවෝ ඇති අම්මලා, දවසක්දා වසන්ත සැණකෙළියේ, මී අඹ අත්තේ, සිලිංබිලිං, වියෝගී වැනි ජනප්‍රිය ගීත රැසක් ඒ අතරට අයත්. 1984 සිට අවස්ථා කිහිපයකදි ඇය හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සරසවි සම්මානය දිනාගත්තා. 

අභාවප්‍රාප්ත වනවිට නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස පත් කර සිටියා.