Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දු - පැසිෆික් කළාපයට පණිවිඩයක් දෙන්න ගොඩට ආ බලවතා




අමෙරිකානු නාවික හමුදාව සතුව ඇති ලොව බලවත්ම සබ්මැරීනයක් වන USS Nevada බටහිර පැසිෆික් මුහුදේ පිහිටි ගුවාම් වරාය වෙත අද පැමිණ තිබෙනවා. මෙලෙස න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ සබ්මැරීනයක් වරාය පරිශ්‍රය තුලට පැමිණීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ.

බැලස්ටික් මිසයිල 20ක් සහ න්‍යෂ්ටික ආයුධ රැසක් රැගත් ඔහියෝ පන්තියේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් වන යූඑස්එස් නෙවාඩා වෙත ලඟාවීම ඉන්දු පැසිෆික් කලාපයේ දිනෙන් දින ඉහළ යමින් ඇති දේශපාලන සහ යුද බලය සම්බන්ධයෙන් කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක යම් සියුම් පණිවිඩයක් ලබාදීමට බවයි විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ.

2016 වර්ෂයෙන් පසු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරනු ලබන සබ්මැරීනයක් ගුවාම් වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

නාවිකයින් 150 දෙනෙකුගෙන් සම්න්විත කාර්ය මණ්ඩලයක් සහිත USS Nevada සබ්මැරීනය දින 77ක කාල සීමාවක් මුහුදේ දිය යට සිටිමින් සිය මෙහෙයුම් වල නිරත වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් මාරු කිරීම සහ අවශ්‍ය ආහාර ආදී සැපයුම් ලබා ගැනීම සඳහා පමණක් දියෙන් මතුපිටට පැමිණෙන බවයි යුද විශේල්ෂකයින් සඳහන් කර සිටින්නේ. 

USS Nevada සබ්මැරීනය ගුවාම් වරායට පැමිණීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු නාවික හමුදාව සඳහන් කර සිටින්නේ ඉන්දු - පැසිෆික් කලාපයේ අමෙරිකානු මිත්‍ර පාර්ශව රටවල් සඳහා සිය සහයෝගිතාවය පෙන්නුම් කිරීමට සහ කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව කැපවෙන බවයි.

තායිවානයේ ස්වයං පාලන දුපත සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර පැනනැඟී ඇති මතභේදාත්මක තත්ත්වය සහ උතුරු කොරියාව දිගින් දිගටම සිය මිසයිල අත්හදා බැලීම් වේගවත් කරන පසුබිමක බැලස්ටික් මිසයිල ඇතුළු න්‍යෂ්ටික ආයුද වලින් සන්නද්ධ USS Nevada සබ්මැරීනය ගුවාම් වරායට පැමිණීම අදාළ රටවලට ලබාදෙන පණිවිඩයක් විය හැකි බවයි යුද විශේලේෂකයින් සඳහන් කරන්නේ.

' ඔබට නොදනිම ඔබගේ නිවසේ එළිපත්ත මතට න්‍යෂ්ටික ආයුධ දුසිමක් එල්ල කිරීමට අපට හැකියාව තිබෙනවා. එසේ සිදුවුවහොත් ඔබට සිදුවිය හැකි දේ ගැන ඔබට සිතා බැලීමටත් නොහැකිවනු ඇති' යැයි විරුද්ධ පාර්ශවයේ රටවලට USS Nevada සබ්මැරීනය ගුවාම් වරායට පැමිණීමෙන් ලබාදෙන පණිවිඩය විය හැකි බවයි හිටපු අමෙරිකානු නාවික හමුදා සබ්මැරීන් කපිතාන්වරයෙකු මෙන්ම වර්ථමානයේ නව ඇමරිකානු ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන තෝමස් ෂුගාර්ට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ.