Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා මැද ලෝක ධනවතුන්ගේ ධනය දෙගුණයකින් වැඩි වෙයි




කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙද්දී ලෝක ධනවතුන්ගේ ආදායම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර ආයතනයක් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම ධනවතුන්ගේ ධනය අමෙරිකානු ඩොලර් බිලියන 700 යේ සිට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක් දක්වා වැඩිවී ඇති බවයි. 

වැඩිම ආදායමක් වැඩිවී ඇත්තේ ලෝකප්‍රකට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ගේයි. ඔහුගේ ආදායම සියයට දහසකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. 

මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ගේ වත්කම සියයට 30 කින් ඉහළ ගොස් තිබෙනවා. ඇමර්සන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙයිසස්ගේ සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ නමද ආදායම දෙගුණයකින් වැඩිවූ ධනවතන්ගේ ලැයිස්තුවට ඇතුලත්.