Tuesday, May 14, 2024

General line - 0115112241

ආනයන අර්බුදයක් ඇති කරන බවට නේපාලයෙන් චීනයට චෝදනා




තම රට තුළ ආනයන අර්බුදයක් ඇතිකිරීමට චීනය කටයුතු කරමින් ඇතැයි නේපාලයේ වෙළෙද ප්‍රජාව චෝදනා කරනවා.

එරට ව්‍යාපාරිකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ,නේපාල චීන දේශසීමාවේ පිහිටි රසුවාගඩි සහ තටෝපානී යන වෙළෙද පිවිසුම් දෙකෙහි කටයුතුවලට චීනය  නිල නොවන ලෙස බාධා කරන බවයි.

චීනයේ සිට නේපාලයට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් රථවලට මෙම පිවිසුම් දෙකේදී නිල⁣නොවන මට්ටමින් අවහිර කිරීම් සිදුකරන බව ඔවුන් සදහන් කරනවා.

මීට අමතරව චීන බලධාරීන් විවිධ ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ නංවමින් නේපාල වෙළෙද ප්‍රජාව සහ ප්‍රවාහකයන් අපහසුතාවයට පත් කරන බවට ද චෝදනා නැගී තිබෙනවා.

මෙි හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවී ඇති නේපාලයේ භාණ්ඩ මිල සහ සැපයුම සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි එරට වෙළෙද ප්‍රජාව සදහන් කරන්නේ.

නිල වශයෙන් ප්‍රකාශ නොකළත් මෙම තත්වයට හේතුව නේපාලයේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් එල්ල කිරීමට චීනයට ඇති අවශ්‍යතාවය බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන්.