Thursday, May 16, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි




විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්නඩු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. 

පෞද්ගලික හේතුවක් මත ලබන පෙබරවාරි පළමුවැනිදා සිට සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ. 

ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහන්ත අබේසේකර පත්කිරීමේ පසුබිම තුළයි. 

විදුලි ඉංජිනේරුවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ද සාමාන්‍යාධිකාරී තනතුරට ආචාර්ය රොහන්ත අබේසේකර පත්කරන ලෙසයි.