Wednesday, May 15, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය විදුලි භාවිතයද සීමා කරන්නැයි ලංවීම ජනතාවගෙන් ඉල්ලයි




අනවශ්‍ය විදුලි බුබුළු පමණක් නොව අවශ්‍ය විදුලි බුබුළුද භාවිතයේදී සීමා කරන්නැයි විදුලිබල මණ්ඩලයේ වැඩබලන නව සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

විදුලිය කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මීට පෙර වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කෙරුණු සුසන්ත පෙරේරා එම තනතුරෙන් ඉවත් කරන ලෙසට බලකරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ඉකුත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද  නිරත වුණා. 

එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යහමුවේ මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර එම් එම් සී ෆර්ඩිනෑන්ඩෝ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. 

සිය පෞද්ගලික හේතුවක් මත පෙබරවාරි පළමු වනදා සිට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ සදහන් කර ඇත්තේ.