Friday, May 3, 2024

General line - 0115112241

වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතු බවට අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්




ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසනවා. ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාව මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත්.

මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ.

අල්ලස හා දුෂණය මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රමවේද හදුන්වාදිය යුතු බවයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

වෙනත් කරුණු ගැන නොසිතා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වැඩිදුරටත් සදහන් කළා.