Thursday, May 16, 2024

General line - 0115112241

නිසි ලෙස එන්නත් ලබා නොගත් පිරිසක් නිසා රට අවදානමක




නිසි පරිදි එන්නත් ලබානොගන්නා පුද්ගලයින් අතර කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් ඉදිරි සති දෙකෙන් පසු මෙරට කොවිඩ් ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස වැඩිවීමේ අවදානමක් ඇති බවයි.

ඔහු කියා සිටියේ වැඩි වශයෙන් ජනතාව ඒකරාශී වන ස්ථානවලට යාමේදී දැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

ඉකුත් සතිය සැලකීමේදී අඛණ්ඩ දින 06 ක් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 800 යේ සීමාව ඉක්මවා ගිය අතර ඊයේ සහ පෙරේදා දිනයේදී එම ආසාදිතයින් සංඛ්‍යාව 900 යේ සීමාව ඉක්මවා ගියා.