Wednesday, May 15, 2024

General line - 0115112241

කලකට පසු මෙරට අපනයන ආදායම ඉහළට




ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15 යි දශම 1ක ආදායමක් 2021 වසරේ දී උපයා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 3යි 4 හා සසඳන විට සියයට 23 ක වර්ධනයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12 යි 5 ක් උපයා තිබෙනවා. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවායෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අපනයන සංවර්ධණ අරමුදල නොමැතිව අපනයනකරුවන්ට දිරි ගැන්වීම් ලබා දිය නොහැකි බවයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.