Thursday, May 16, 2024

General line - 0115112241

ජාතික රෝහලේ කොවිඩ් සුනාමියක්




රටතුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට මේ වන විට ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ මෙරටින් හමුවන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 95ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරු වී ඇති බවයි. 

මෙම මාධ්‍ය හමුවට එක්වූ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පැවසුවේ මේ වන විට රටතුළ කොවිඩ් සුනාමියක් වැනි තත්ත්වයක් පවතින බවයි. 

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිත රෝගී සංඛ්‍යාවේද වැඩි වීමක් ද මේ වන විට දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජගත වී ඇත්දැයි මෙතෙක් පැහැදිලව ප්‍රකාශ කළ නොහැකි බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.