Friday, May 3, 2024

General line - 0115112241

ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය 05 දෙනෙකු අතුරුදහන්




ඇටැම්පිටිය, උමාඔය, ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් 05 දෙනෙකු අද පස්වරුවේ අතුරුදන් වුණා. ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුරක් මේවනවිට සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අතුරුදන්ව ඇති සිව්දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන්. ඔවුන් ඇතුළු 11 දෙනෙකු පමණ අද පස්වරුවේ ගැරඬි ඇල්ලේ දිය නෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයින් සිව්දෙනා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගැරඬිඇල්ලේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලයෙන් ඇදවැටී දරුවෙකු අද මියගියා. බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ පිහිටි එම ගොඩනැගිල්ලෙන් ඇදවැටුණු දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි දරුවෙක්.