Friday, May 3, 2024

General line - 0115112241

බූස්ටර් නොගතහොත් රට යළිත් අවදානමක




සෞඛ්‍ය සීමාවලින් තොරව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාව අද සිටම ඒ සඳහා කැපවීම් කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ එය සමරනවාද නැද්ද යන්න මෙම කාලසීමාවේදී ජනතාවගේ ක්‍රියාකලාපය අනුව තීරණය වනු ඇති බවයි.  

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 982 දෙදෙනෙකු වාර්තා වුණා. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 14 ක්. ගතවූ දින 08 දී පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 7, 263 දෙනෙකු වාර්තා වුණා. 

මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 95 කට වැඩි පිරිසකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර රජය විසින් මේවනවිට බූස්ටර් මාත්‍රා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එන්නත්කරණය අවසන් කිරීමට රජය තීරණය කර ඇත්දැයි නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා. 

කෙසේවෙතත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා අනුක වෛද අංශය මගින් නිකුත් කළ වාර්තාවක දැක්වුණේ ජාන විශ්ලේෂණතා පරීක්ෂණ සිදුකළ සාම්පල 88 කින් 82 ක්ම ඔමික්‍රෝන් ආසාදිත බවට හඳුනා ගැනුණු බවයි. එහි සාම්පල 06 ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට හඳුනා ගෙන තිබෙනවා.