Friday, May 3, 2024

General line - 0115112241

සුනඛයකු නාවමින් සිටි 14හැවිරිදි පාසල් සිසුවෙකු රළපහරකට හසුවී ගසාගෙන ගොස් මරුට




නිවසේ සුරතලයට ඇතිකරණු ලබන සුනඛයකු නෑවිම සදහා බූස්ස වැල්ලබඩමුහුදු තිරයට ගොස් සිටි පිය පුතු දෙදෙනෙකු රළපහරකට හසුවිමෙන් ගසාගෙන ගොස් ඇති අතර පියා දිවිබේරාගෙන ඇති අතර පුතා පැයකට පමණ පසු සොයාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණවිටත් මියගොස් සිටි බව රත්ගම පොලිසිය පවසනවා. 

ඊයේ (29) පස්වරු 4.30ට පමණ මෙම සිද්ධිය වි ඇති බව පොලිසිය පවසයි.

පියා හා පුතු සුනඛයා නාවමින් සිටියදි රළපරකට හසුවි ගසාගෙන ගොස් ඇති අතර වෙරළතිරයේ සිටි අයෙකු විසින්  පියාගේ දිවිබේරාගෙන ඇත.

පැයකට පමණ පසු ප්‍රදේශවාසින් හා කිමිදුම්කරුවන් එක්ව පුතුසොයාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුලත්කරණ විටත් මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ රත්ගම පන්සලපාර බුස්ස ලිපිනයේ පදිංචි 14 හැවිරිදිවියේ පසුවන පාසල් සිසුවෙක්.

මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරික්ෂණය අද (30) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.