Friday, May 3, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටිට ජයක් 




මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටි ඊයේ සමත්වුණා. 

ඒ, අවසන් මහා තරගයේදී අමෙරිකාවේ ඩැනියෙල් කොලින්ස් පරාජයට පත් කරමින්. කාන්තා කේවල ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටි අවසන් තරගය ජය ගත්තේ වට 02 ට 0 ක් ලෙසයි. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක කේවල ශූරතාව මෙලෙස දිනා ගත්තේ වසර 44 කට පසුවයි. 

ක්‍රිකට් ක්‍රීඩිකාවක ද වන ඇෂ්ලි බාටි බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කරමින් 2015 - 2016 කාලසීමාවේදී බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කර තිබෙනවා. 

ඇය දිනා ගත් 03 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ද මෙයයි. ඇෂ්ලි බාටි, මීට පෙර 2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කේවල ශූරතාවත්, 2021 වසරේ විම්බෙල්ඩන් ටෙනිස් කාන්තා කේවළ ශූරතාවත් දිනා ගැනීමට සමත්වුණා. 

මේ අතර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ අංශයේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. එහි ශූරතාව වෙනුවෙන් තරග වදින්නේ ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක රෆායෙල් නඩාල් සහ රුසියාවේ ඩැනිල් මෙද්වෙදෙව්. රෆායෙල් නඩාල් මේවනවිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20 ක් දිනා ඇති අතර ඩැනිල් මෙද්වෙදෙව් දිනා ඇත්තේ එක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් පමණයි.