Thursday, May 16, 2024

General line - 0115112241

දින 29 ක් තුලදී සංචාරකයින් 75,000 ක් දිවයිනට  




2022 වසරේ ජනවාරි මස 01 වනදා සිට 29 වනදා දක්වා කාලය තුලදී විදේශීය සංචාරකයින් 76, 538 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසනවා. 

එලෙස පැමිණි ඇති විදේශිකයින්ගෙන් වැඩි පිරිසක් රුසියානු ජාතිකයින් බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

එම සංඛ්‍යාව 12, 368 ක්. ඊට අමතරව ඉන්දියානුවන් 11, 028 දෙනෙකු, යුක්රේන ජාතිකයින් 7, 427 දෙනෙකු, බ්‍රිතාන්‍ය  ජාතිකයින් 6, 929 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 4, 902 දෙදෙනෙකු හා ප්‍රංශ ජාතිකයින් 3, 337 දෙනෙකු ද අදාළ කාල සීමාව තුලදී සංචාරකයින් ලෙස මෙරටට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ. 

ඉකුත් වසරේ ජනවාරි මාසය තුලදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 1, 682 දෙදෙනෙකු පමණයි.