Thursday, May 16, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට තීරණයක්




පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ගත යුතු වනවා. 

ඒ අනුව පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් ද විදුලිබල අමාත්‍යංශය අවසර ඉල්ලා ඇති බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ. 

මේ අතර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය හෙට සිට යළිත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. 

එහි ධාරිතාව මෙගාවොට් 300 ක්. මේවනවිට වැඩිම විදුලි ඉල්ලුමක් පවතින පස්වරු 06 සිට රාත්‍රී 09 යි 30 දක්වා කාලය තුළ මෙගාවොට් 300 ක හිගයක් පවතිනවා. මෙම නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කළ හොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.