Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා නිසා කොට්ටාව අන්තර්  හුවමාරුවේ කටයුතු වලට බාධා




මුදල් අයකැමි නිලධාරී පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අනතර් හුවමාරුවේ කටයුතු වලට අද බාධා එල්ල වුණා. 

මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කටයුතුවලට මෙලෙස බාධා එල්ල වූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ හේතුවෙන් දක්ෂිණ මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන රථ වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ද බාධා එල්ල වුණා. ගමනාන්තය දක්වා ගොස් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී අන්තර් හුවමාරුවෙන් පැමිණි බවට දැනුවත් කරන ලෙස කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දැන්වීම් පුවරු ද සවිකර තිබුණා. 

කෙසේවෙතත් මේවනවිට කොට්ටාව අන්තර් හුවමාරුවේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වෙනත් නිලධාරීන් යොදවා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.