Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තානය යළිත් චීනයට ණය වෙන්නට යයි




පවතින උග්‍ර මූල්‍ය අර්බුදය විසදා ගැනීම සදහා පකිස්තානය චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව වාර්තාවනවා.

විදෙස් වාර්තා සදහන් කළේ පෙබරවාරි මුල් සතියේ දී  සිදුවන පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගේ චීන සංචාරයට සාපේක්ෂව මෙම ණය ඉල්ලීම ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

පෙබරවාරි 03 වනදා බෙයිජිංහි ආරම්භ වන සීත සෘතු සෟතු ඔලිම්පික් උළෙළේ සමාරම්භක අවස්ථාවට සහභාගීවීම සදහා පකිස්තාන අගමැතිවරයා චීනය බලායාමට නියමිත අතර එහිදී චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

මේ වනවිටත් පකිස්තානය චීනයට අධික ලෙස ණය වී සිටින අතර එය ඩොලර් බිලියන 11 කට අධික බව සදහන්.

ඊට අමතරව පකිස්තානය සිය විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සදහා චීනයෙන් තවත් ඩොලර් බිලියන 04 ක් පමණ ලබාගෙන ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.