Friday, May 3, 2024

General line - 0115112241

ඔස්ට්‍රියාව, කොවිඩ් එන්නත අනිවාර්ය කරයි




කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබෙනවා. ඒ, ඊට අදාළ නීති සම්මත කර ගැනීමත් සමඟයි. 

ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුම කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු වනවා. නීතිය අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 670 සිට ඩොලර් 4,000 දක්වා දඩයකට යටත්වීමට සිදුවනු ඇති. 

රටවල් කිහිපයක් දැනටමත් වැඩිහිටියන් හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩල එන්නත්කරණය අනිවාර්ය කර ඇතත් යුරෝපයේ කිසිඳු රටක් සියලු දෙනා එන්නත්කරණය කිරීම අනිවාර්ය කර තිබුණේ නැහැ. 

ඔස්ට්‍රියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊට එරෙහිව ඇතැම් පාර්ශව දැඩි විරෝධයක් ද පළ කර ඇති පසුබිමකයි. එමෙන්ම එරට වැසියන්ගෙන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පසුබිමක ද කොවිඩ් මර්දනයට මෙවැනි දැඩි නීති පැනවීම විශේෂත්වයක්.