Saturday, May 4, 2024

General line - 0115112241

පාසැල් නිවාඩු දෙන දිනය 




උසස් පෙළ විභාගය වෙනුවෙන් පාසල්වල ප්‍රාථමික පංතිවලටද ලබන 07වනදා සිට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණේ උසස් පෙළ විභාගය පැවතියද ප්‍රාථමික පංති පවත්වාගෙන යාමටයි.

යම් හෙයකින් එලෙස ප්‍රාථමික පංති පවත්වාගෙන යාමේදී උසස් පෙළ විභාගයට සිය පාසලෙන් බාධාවක් සිදුවන්නේ නම් පමණක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දෙන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබුණේ. එලෙස බාධාවක් සිදුවන ප්‍රාථමික පංති සඳහා නිවාඩු ලබා දීමේ බලයද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවරා තිබුණා.

එහෙත් උසස් පෙළ පැවැත්වෙන කාලසීමාවේදී ප්‍රාථමික පංති පැවැත්වීමෙන් ගැටලු රැසක් මතුවන බවයි නෙත් නිවුස් අද දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පෙන්වා දුන්නේ. ප්‍රාථමික පාසල්වල ඇතැම් ගුරුවරුන් විභාග රාජකාරීවල නිරත වනවා. එසේ තිබියදී ප්‍රාථමික පංති පවත්වාගෙන යන්නේ කෙසේදැයි නෙත් නිවුස් පෙන්වා දුන්නා. 

ඉන් අනතුරුවයි සියලු ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි ලබන 07වනදා සිට නිවාඩු ලබා දෙනවා. යළි පාසල් ආරම්භ වීමට නියමිතව ඇත්තේ මාර්තු 07වනදායි. 

උසස් පෙළ විභාගය ලබන 07වනදා සිට මාර්තු 05වනදා දක්වා පැවැත් විමට නියමිතයි.