Friday, May 3, 2024

General line - 0115112241

ලක්විජය උපරිම ධාරිතාවයට ලංවෙයි

හේරත් ඒකනායක




නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයෙන් මේ වන විට උපරිම ධාරිතාව වන මෙගාවොට් 300ය ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම ජනන යන්ත්‍රය ඉකුත් සමයේ අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වුණා.

එම යන්ත්‍රයේ පැවති දෝෂය යථා තත්ත්වයට පත් කර ජාතික විදුලි පද්ධතියට යළි එක්කෙරුණේ අද පෙරවරුවේයි. එමගින් මෙගාවොට් 170ක් පෙරවරුවේ ජාතික පද්ධතියට එක් කෙරුණා. මේ හේතුවෙන් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. 

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ඉකුත් දා සිදුවූ බිද වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සමග අද පැවති සාකච්ඡාවකදී සතියකට අවශ්‍ය ඉන්ධන තොග ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දීමට එකගතාවය පළ කළ බවයි. 

මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.