Saturday, May 4, 2024

General line - 0115112241

බොරැල්ල දේවස්ථාන බෝම්බය සිදුවීම ගැන අධිකරණයෙන් දුන් නියෝගය




බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සේවකයෙක් ඇතුලු තිදෙනෙක් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඉකුත් ජනවාරි 11 වනදායි බොරැල්ල, සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත් බෝම්බයක් සොයා ගැණුනේ.

මේ අතර බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන නිරීක්ෂණය කිරිම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් පත් කෙරුණා.
මේ අතර සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු කොළඹ අතිරේක  මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් ද ලබා දී තිබුණා.