Friday, May 3, 2024

General line - 0115112241

ISIS නායකයා ජිවිතක්ෂයට : අමෙරිකානු විශේෂ බලකාය සිරියාවේ මෙහෙයුමක් (PHOTOS)




අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ වයඹදිග සිරියාවේ විසින් දියත් කළ "සාර්ථකව" මෙහෙයුමකින් ISIS සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය බව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.

2019 වර්ෂයේදී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිරියාවේ දී ISIS සංවිධානයේ ආරම්භක නායක අබු බකර් අල්-බැග්දාඩි ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් පසු දියත් කළ ප්‍රධාන මෙහෙයුම මෙය වනවා.

මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේදී කිසිදු අමෙරිකානු සොල්දාදුවෙකුට හානියක් සිදුවී නොමැති බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මැද පෙරදිග හමුදා මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පාලනය කරන එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් මෙහෙයුම මෙහෙයවන ලද බවයි.

අමෙරිකානු විශේෂ බලකාය විසින් ISIS නායකයා රැඳී සිටි නිවාස සංකීර්ණය වට කිරීමත් සමග ඔහු විසින් සිය නිවස තුලදී බෝම්බයක් පුපුරුවා ගෙන ඇති බවයි ඇතැම් වාර්තා සඳහන් කර සිටියේ.