Tuesday, May 7, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවයි




මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 21,720 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ, ඊයේ දිනයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1,331 දෙනා ද සමඟයි.       

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් හඳුනා ගැණුනු සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 18,520 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත් එම පිරිසෙන් පන් ලක්ෂ 81,205 දෙනෙකු මේ වන විටත් සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 

ඉකුත් 05 වනදා සිදුවූ කොරෝනා මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,595 ක් දක්වා ඉහළ ගියා. 

මේ අතර දුර්මතවලට නොරැවටී කොරෝනා මර්දන එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත්.

අද දිනයේද ප්‍රදේශ රැසකදී එන්න්තකරණ වැඩසටහන ක්‍රියාත්මකයි. තමන්ට ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු සිය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.