Monday, May 6, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනපති ප්‍රධානත්වයෙන් 




ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද පැවැත්වුණා. 

එහිදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු පිළිබදවයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දි ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
 
හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවා.