Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලි අර්බුදය මැද බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාවත් අඩකින් පහළට




මේ වනවිට පවතින විදුලි අර්බුදය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක කියාසිටියේ මෙම කාලසීමාව තුළ ජනතාවගේ ක්‍රියාකාරිත්වය මත විදුලි කප්පාදුවක් සිදුකරනවාද ? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය වනු ඇති බවයි. 

වත්මන් විදුලි අර්බුදයට බලපෑ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට යොදා ගන්නා ජලාශවල ජලමට්ටම මේ වනවිට සියයට 50 ක මට්ටමකට අඩුවී තිබෙනවා. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 47 ක් දක්වාද, කොත්මලේ සියයට 58 ක් දක්වාද මාවුස්සාකැලේ සියයට 52 ක් සහ සමනළවැව ජලාශයේ සියයට 40ක් දක්වාද ජල මට්ටම පහත බැස ඇති බවයි වාර්තා වන්නේ. මෝසම් වැසි සක්‍රිය වීමෙන් යළි වැසි ලැබෙනු ඇති බවට අපේක්‍ෂා කෙරෙන්නේ ලබන අප්‍රේල් හෝ මැයි මාසයේදීයි.