Wednesday, May 15, 2024

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තිය සමිති 18 ක් දෙවන දිනටත් වර්ජනයේ




සෞඛ්‍ය වෘත්තීය විද්වතුන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. අද දිනයේ හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක සාමාජිකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරත වන බවයි එම සංගමය පැවසුවේ. 

වර්ජනයට එක්ව සිටින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති උපුල් රෝහණ සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මෙලෙස අදහස් පළ කළා.

ඊයේ දිනයේද ක්‍රියාත්මක වූ මෙම සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසක සත්කාරක සේවා බිද වැටුණා. ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ද පත් වූයේ දැඩි අපහසුතාවකටයි. වර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරියගෙන් ද කරුණු විමසා සිටියා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ පෙරවරු 7 සිටයි. කෙසේවෙතත් මෙම වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහය පළ කර නැහැ.