Tuesday, May 7, 2024

General line - 0115112241

මුදල් සූරාකන ඌබර් මාෆියාවක් ගැන අනාවරණයක්




භාණ්ඩ හා සේවා සපයනු ලබන ඌබර් ආයතනය නිසි සේවාවක් ලබානොදෙන බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වනවා. ඌබර් සේවාව හරහා ආහාර ඇනවුම් කළ පාරිභෝගිකයෙකු එම සේවාව ලබාගැනීමේදී තමන් මුහුණු පෑ අපහසුතා සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

තමන් මුහුණ පෑ අපහසුතා සම්බන්ධයෙන් ඌබර් ආයතනයට පැමිණිලි ඉදිරිපත් කළ ද ඊට නිසි විසඳුමක් ලබාදීමට ද එම ආයතනය අපොහොසත් වූ බවයි අදාළ පාරිභෝගිකයා වැඩිදුරටත් චෝදනා කළේ.  

ඌබර් සේවාව හරහා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී අපහසුතාවට පත්වූ පාරිභෝගිකයෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

භාණ්ඩ හා සේවා සැපයීම සහ එහි රියදුරන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් ඌබර් ආයතනයට මීට පෙර කළ පැමිණිලිවලට මෙතෙක් කිසිඳු පිළිතුරක් නොලැබුණු බවයි පාරිභෝගිකයින් රැසක්ම නෙත් නිවුස් වෙත සඳහන් කළේ.