Tuesday, May 7, 2024

General line - 0115112241

කටුනායක ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 14 ක ජල කප්පාදුවක්




කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇතුළු ප්‍රදේශ රැසකට අද පස්වරු 04 සිට පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා, වහටියාගම, දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. 

ජා - ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.