Tuesday, May 7, 2024

General line - 0115112241

රෝහල්වල සත්කාර සේවා සදහා ත්‍රිවිධ හමුදාව යොදවන්නැයි රෝගීන්ගෙන් ඉල්ලීම්




සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ඉකුත් 7 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩව වැඩවර්ජනය හේතුවෙන් තවදුරටත් රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. වර්ජනය ක්‍රියාත්මක බව දැන දැනත් අද දිනයේද රෝගීන් රැසක් රෝහල් වෙත පැමිණ තිබුණේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්.

එලෙස කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ ත්‍රිවිධ හමුදාව යොදවා රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි.

කෙසේවෙතත් වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ සිය ගැටළුවට පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි. මේ හේතුවෙන් සිය සාමාජිකයන් අද දිනයේද රාජකාරීවලින් ඉවත්ව සිටින බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය සදහන් කළේ.

එවන් පසුබිමක් තුළ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල  පී සී ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ප්‍රශ්න කළා.

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කරමිනුයි හෙද පරිපූරක සහ අතුරු වෛi වෘත්තීය සමිති 18 ක් එලෙස වැඩවර්ජනයේ නිතර වන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට ඔවුන් තීරණය කළා. කෙසේවෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැවසුවේ තමන් එම වර්ජනයට එක්ව නොමැති බවයි.