Thursday, May 16, 2024

General line - 0115112241

අපරාධ නඩු කඩිනමින් විසඳීමට පූර්ව නඩු විභාග කිරීමේ ක්‍රමයක් ගෙන ඒමට යෝජනා




අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා පූර්ව නඩු විභාග කිරීමේ ක්‍රමයක් අපරාධ නීතියට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඒ අනුව වාර්තාධිකාරී විනිසුරුවරුන් නමැති නව විනිසුරුවරුන් කොට්ඨාශයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩුවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් පෙටුම්පත් 05 ක් දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

වාර්තාධිකාරී විනිසුරුවැන් පත් කිරීමේ බලය දේශපාලනඥයින්ට පැවරීම සුදුසු නොවන බවත්, එම බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරිය යුතු බවත්, අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද විවාදයට එක්වුණා.