Thursday, May 16, 2024

General line - 0115112241

ETF මත වැටෙන අධිභාර බද්දට එරෙහිව පාර්ශව රැසකින් පැමිණිලි




මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇති සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පාර්ශව රැසකින් පැමිණිලි ලැබී තිබෙනවා. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කළේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය  දැනුවත් කරන බවයි. 

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. ඒ අසලට පැමිණි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විරෝධතාකරුවන් සමග කතාබහක නිරත වන අයුරු දක්නට ලැබුණා.