Sunday, May 19, 2024

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණයකට සැරසෙයි




සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා. 

මෙම වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 07 වන දිනටයි. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණි රෝගීන් සහ රුධිර පරීක්ෂාවන්ට පැමිණි ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්වූ නෙත් නිවුස් වාර්තකාරු සඳහන් කළේ. 

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති මෙම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් හෙට රැස්වීමට නියමිතකව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ්. 

අධිකරණය ලබාදුන් වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව මෙම වර්ජනයෙන් ඉවත්වීමට ඊයේ තීරණය කළා. කෙසේවෙතත් සෙසු වෘත්තීය සමිති 17 තවදුරටත් වර්ජනයේ යෙදී සිටින්නේ රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි. 

සෞඛ්‍ය වර්ජන ද දේශපාලනීකරණය වී ඇති බවයි රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ප්‍රකාශ කළේ. 
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :උ්ණණඹඵඊඹඍ් 01*