Sunday, May 19, 2024

General line - 0115112241

වී සඳහා වැඩි මිලක් ගන්න මණ්ඩලයෙන් අවස්ථාවක්




වී තොග, වී අලෙවි මණ්ඩලයේ ශාඛා වෙත රැගෙනවිත් භාරදෙන්නේ නම් වී සඳහා වැඩි මිලක් ලබාදෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති නීල් ද අල්විස් පැවසුවේ ඒ අනුව සහතික මිලට වැඩියෙන් රුපියල් 02 ක් ගෙවීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවයි. 

කෙසේවෙතත් බහුතර ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතය හේතුවෙන්  මෙවර සිය අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.