Sunday, May 19, 2024

General line - 0115112241

ඉල්ලීම් දිනාගන්න සෞඛ්‍ය වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ සහය පතයි




රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරියේදී යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරන බව වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයට අදට දින 08 ක් සම්පූර්ණ වනවා. 

මෙම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් අද රැස්වීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය වෘත්තීය සමිති වර්ජනයක් සඳහා යොමු වූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත් අධිකරණය ලබාදුන් වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව මෙම වර්ජනයෙන් ඉවත්වීමට ඉකුත්දා තීරණය කළා.